Saturday, August 8, 2015

සංඥා ලෝකයේ දේශපාලනය ගැන තවදුරටත්

සංඥා ලෝකයේ /භාෂා ලෝකයේ දේශපාලනය වෙනුවට ලිපියේ සාකච්ඡා කල කාරණයට අනුව දැන් ඔබට ඇති වන ගැටළුවක් වන්නේ භාෂා ලෝකයේ සඳහන් ද්විකරණය කර පැත්තක් උත්කරශනය කරන දේශපාලනය හැර වෙනත් දේශපාලනයක් ලෝකයේ නැති බවය. ඔබ නිවැරදිය. අපට අනුවත් ලෝකයේ ඇත්තේ ලිබරල් ධනවාදය එනම් ආධිපත්‍යක් සහිත සමාජයක් නඩත්තු කිරිමට අදාල දේශපාලනය පමනි. ධනවාදයට එරෙහි වනවා යැයි කියන බොහෝ අයද කරමින් සිටින්නේ එම දේශපාලනය හා ධනවාදය ශක්තිමත් කිරිම බව ඒ අනුව ඔබට වැටහිය යුතුය.

අප ධනවාදයට හා ඕනෑම ආධිපත්‍යක් සහිත සමාජයට එරෙහිව අප යෝජනා කරන්නේ කුමක්ද? ධනවාදය වෙනස් කරන දේශපාලනය ලෙස බොහෝ දෙනා පිලිගන්නේ මෙම ධනවාදී ආධිපත්‍යක් සහිත සමාජය අර්තවත් කල හා යෝජනා කල දේශපාලනයමය. සැබවින්ම වාමාෂිකයින් උත්සාහ කරන්නේ වාමාෂික ලෙස මැතිවරණ කිරිමටය.,වාමාෂික ලෙස මානව හිමිකම් දිනාගැනිමටය., වාමාෂික ලෙස ජාතිවාදය පැරදවිමටය. ,වාමාෂික ලෙස පරිසරය ආරක්‍ෂා කර ගැනිමටය. ඔවුන් නොදකින කාරනය වන්නේ මෙම සෑම දේශපාලන ආකෘතියකටම වාමාෂික අයිසින් තැවරුවාට ඒවා දියවී යාමට නියමිත බවයි. ලිබරල් ධනවාදී අදහස් තුලද මානව හිමිකම්, ජාතිවාදයට විරුද්ධවීම,සාධාරන මැතිවරණ,පරිසරවාදය යනාදී සටන් පාඨ ඇති බව සැලකූවිට දැන් වාමාෂිකයින් කරන්නේ ඒ අර්තයෙන් අනුන්ගේ කඬේක බඩු කිරිමකි. මේ මැතිවරණ කාලය නිසා වාමාෂික ලෙස මැතිවරණ කරන්නේ කෙසේද මෙකල ප‍්‍රමුඛ මාතෘකාවකි. උදාහරනයක් ලෙස කිව හොත් අඩු පහසුකම් සහිත පාසලක දරුවෙකු ධාවන තරඟයකට සුගතදාස කී‍්‍රඩාංගනයේ ධාවන පථයට පැමිනියා යැයි සිතන්න ඔහු කිසිදා ධාවන පථයක දිව ගොස් නැත ,ධාවන සපත්තු පැලඳ ද නැත.,ශක්ති වර්ධක /පෝෂණ ආහාර ලබා ගෙනද නැත. ඔහුට තරඟ කරන්නට සිිදුවන්නේ මෙම සියළු දේ සැපිරූ දරුවන් සමගය. ඔහුට සිදුවන්නේ පරාජය වන්නටය. වාමාෂික පක්‍ෂ මැතිවරණ කරන්නේද එසේය. ධාවන තරඟය ජයගන්නට නම් ඉහත කි පිටිසර දරුවා ඉහත පහසුකම් සම්පූර්න කර ගත යුතුය. වාමාෂික පක්‍ෂ මැතිවරණයේ දී වෙනත් ධනේශවර පක්‍ෂ මැතිවරණ කරන ආකෘතිය පිළිගන්නේ නම් එය එය වාමාෂික පක්‍ෂයකට එහා ගිය කි‍්‍රයාකාරීත්වයකට යායුතුය. ඒ සඳහා හොඳම නිදසුන ජනතා විමුක්ති පෙරමුණය.

සෑම දේශපාලන අරගලයක්ම මේ පරිදිය. එම නිසා ධනවාදය විසින් නිර්මාණය කල අරගල තුල කි‍්‍රයාත්මක වූ වාමාෂික දේශපාලන පක්‍ෂ,ඒවායේ නායකයින් හා සාමාජිකයින් හිතවතුන් සියල්ලට සිදු වි ඇතිදේ ලංකාවේ ජිවමානව දක්නට ලැබෙන්නකි. ධනේශවර දේශපාලකයින් හිටපු වාමාෂිිකයින්ය, ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයින් හිටපු වාමාෂිිකයින්ය,ලංකාවේ හොඳම නීතිඥයින් හිටපු වාමාෂිකයින්ය,ලංකාවේ ඉහල කලාකරුවන් හිටපු වාමාෂිිකයින්ය,ලංකාවේ වෙළඳ ප‍්‍රචාරක ආයතන හිමියන් හිටපු වාමාෂිිකයින්ය, ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉහලින් වැජඹෙන්නන් හිටපු වාමාෂිකයින්ය. මේ ලයිස්තුව ඕනෑතරම් දිගු කල හැක.

බොහේ වාමාෂික දේශපාලන පක්‍ෂ තම දේශපාලන කි‍්‍රයාමාර්ග නිර්මාණය කිරීමේ දී විවිධ සමපේ‍්‍රක්‍ෂණාත්මක විශ්වාසයන්ට ඇතුළුවේ. ඒ වා හැම විටම අනාගතයේ සිදුවීමට නියමිත දේය. මැතිවරණය හරහා එය වේදිකාවක් කර ගෙන වාමාෂිික අදහස් සහිත මිනිසුන් බිහිවේවි. ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිශංස්කරණ දිනාගැනීම හරහා අපට වාමාෂිික දේශපාලනය කිරීමට ඉඩ කඩ ලබා ගත හැකිවේවි.,රැුකියා විරහිත අරගලයට,ශිෂ්‍ය අරගලයට,කාන්තා අරගලයන්ට සහය දීම හරහා ධනවාදයට එරෙහිව ඔවුන් සංවිධානය කල හැකිවේවි. ආදී ලෙසය. මේ වා පාරභෞතික විශ්්වාසයන්ය. මෙම විශ්වාසයන්ට ඇතුළු විම හරහා ධනවාදය පෙරලා දැමීමට මෙම මොහොතේ දයලෙක්තිකව කලයුතු කාර්්‍යය හැම විටම අනන්තයට කල්දමා ඇත. සැබෑ ජිවිතය හා මෙම රූපික එනම් භාෂාව විසින් ගොඩනගන ජීවිතය අතර ඇති පරතරය පියවිය නොහැක්කක් බව කි‍්‍රයාකාරීත්වය තුල ඔවුන් අමතක කරයි.

පවතින සමාජයේ දේශපාලනය ලෙස සංකල්ප ගත කර ඇති හා කි‍්‍රයාත්මක වන භෞතිකයට එපිටින් දේශපාලනය යන්න ස්ථාපිත විය යුතුය. එය අපට කොමියුනිස්ට්වාදි දේශපාලනය ලෙස හැදින්විය හැක. වාමාෂික හා සමාජවාදි යැයි කියා ගන්නා අය න්‍යායික තලයේදි සමාජවාදය හරහා කොමියුනිස්ට්වාදයට ආදි ලෙස අදහස් දැක්වුවද ව්‍යවහාරිකව එවුන් නියෝජනය කරන්නේ ලිබරල් දේශපාලනමය. ලිබරල් දේශපාලනයේ ගැටළුව වන්නේ හැම විටම සංකල්පකරනය කල රූපිත ලෝකයකට සැබැ ජිවිතය තුල්‍ය කිරිමට අත්සාහකිරීමයි. නමුත් රූපික ලෝකය හා සැබෑ ලෝකය අතර අපට හැම විටම පරතරයක් හමුවන අතර ලිබරල් දේශපාලනය තුල මෙම පරතරය අනවතර ලෙස පියවිමට නව සංකල්ප නිපදවනු ලබයි. ලිබරල්වාදීන් හැම විටම තමාගේ අරමුණ ඉටු නොවන බව නොදකියි.

අවසාන වශයෙන් කිව හැක්කේ මේ මොහොතේ කොමියුනිස්ට්වාදි දේශපාලනය යනු දේශපාලනය යනුවෙන් සංකල්ප ගත කර ඇති පද්ධතිය අත්හැර දැමීම බවයි. ඒ අනුව දේශපාලනය පවතින්නේ අදේශපාලනය තුලය. බොහෝ දෙනා අදේශපාලනික යැයි අතහැර දමන ක්‍ෂේත‍්‍රය දේශපාලන වීම බොහෝ දෙනෙකුට දරාගත නොහැකි වනු ඇත. සංඥා ලෝකයෙන් එපිට සැබෑ ලෝකයයේ දේශපාලනය ලෙස අප සලකන්නේ ඒ අත්දැකීමටය.

No comments:

Post a Comment