Sunday, May 31, 2015

ෆොයර්බාක් පලමු තිසීස කොමියුනිස්ට්වාදී දේශපාලනයට කවුළුවක් ලෙස

පැරනි වාමාෂික සම්ප‍්‍රදාය තුල සකච්ඡුාවට නොගත් හා විවිධාකාරයෙන් අර්ත නිරූපනය කල ෆොයර්බාක් තිසීස කොමියුනිස්ට්වාදි දේශපාලනයට කවුළුවක් විවර කරන්නේ කෙසේද? 


සරලව පලමූ ෆොයර්බාක් තිසීස තුල මාක්ස්ගේ අදහස කුමක්ද යන්න පිලිබඳ විවිධ අර්ත නිරූපන ඇති අතර අපට අනුව සරලව ෆොයර්බාක් තිසීසයේ මූලික හරය බිඳ දැක්වුවහොත් ,


පැරණි භෞතිකවාදයට අනුව දෙය ,යථාර්තය,ඉන්ද්‍රීය ගෝචරත්වය සකල්ප ගත වී ඇත්තේ සහජඥානයේ හා වස්තුවෙහි ආකෘතියක් ලෙස මිස මිනිස් ඉන්ද්‍රීයගෝචර කි‍්‍රයාකාරිත්වය ලෙස ,ව්‍යවහාරික ලෙස හා ආත්මීය ලෙස නොවේ. 


මෙහිදි මාක්ස් සංකල්ප ගත කිරීම යන්න අපට මෙසේ තේරුම් ගත හැක. ඒය සෝෂියර්ගේ සංඥාව ඇසුරේ තේරුම් ගැනීමේදී හැඟවුම්කාරකය ලෙස සඳහන් වන අතර හැඟවුම යනුවෙන් සඳහන් වන්නේ එය සංකල්පය අප ලබා ගන්නා ආකාරයයි. ඒ අනුව සංඥාව යනු අප සංකල්ප ගත කිරීමේ ආකෘතියයි. මෙවැනි සංඥා පද්ධතියක් එක් වී භාෂාවක් ගොඩනැගේ එම භාෂාව මගින් ලෝකය නම් කර ඇත. ඒය සිදුවි ඇත්තේ ප‍්‍රථිපක්‍ෂ හා වෙනස් කම් මතය. එය ද්විකරණය කිරිම නැත්තම් ලෝකය භාෂාව මගින් දෙකඩ කිරිමකි. ඒ හොඳ -නරක ,කැත-ලස්සන,විද්‍යාව-මිත්‍යාව,සත්‍ය -අසත්‍යය,ස්තී‍්‍ර -පුරුෂ.............. ආදී ලෙසය. මෙය ඒ අනුව දෙය,යථාර්තය, ඉන්ද්‍රීය ගෝචරත්වය සකල්ප ගත වී ඇත්තේ සහජඥානයේ හා වස්තුවෙහි ආකෘතියක් ලෙස යන්න මාක්ස් විවේචනය කල පැරණි භෞතිකවාදයේ ආකෘතියයි. එය ලෝකය සහජ ඥානය හා වස්තුව ලෙස ලෝකය බෙදා දැක්වීමයි. වෙනත් ආකාරයකින් කිවහොත් මිනිසා හා භාහිර ලෝකය ලෙස ලෝකය සංකල්පගත කිරීමයි. සැබෑ ජීවිතයේ අපගේ කි‍්‍රයාකාරීත්වය තුල ඉහත භාෂාව මගින් සංකල්ප ගත කල ලෝකයට පටහැනිව කි‍්‍රයාත්මකවේ. පලමු ෆොයර්බාක් තිසීසයේ පලමු දෙපෙළ තුල මාක්ස් කියන්නේ මෙම සංකල්ප ගත කිරීම මිනිස් ඉන්ද්‍රීයගෝචර කි‍්‍රයාකාරිත්වය ලෙස ,ව්‍යවහාරික ලෙස හා ආත්මීය ලෙස වන බවය. 


භෞතිකවාදයට පටහැනිව විඥානවාදය විසින් මෙහි කි‍්‍රයාකාරී පැත්ත එනම් සහජඥානයෙහි පැත්ත වියුක්තව වර්ධනය කෙරිනි. ඒ ඉන්ද්‍රිය ගෝචර කි‍්‍රයාකාරීත්වය හෝ සැබෑව නොදන්නා ලෙසයි. 

මිනිසාගේ පැත්ත සහජඥානය ලෙස ගෙන වස්තුව භාහිර ලෝකය ලෙස ගත් විට (ආත්මය-වස්තුව/විඥානය-ද්‍රව්‍ය ආදී ද්විකරණය තුල) ආත්මයේ පැත්ත එනම් විඥානයේ පැත්ත විඥානවාදය විසින් අධිනිශ්චය කොට සැලකීම හා එහිදී සැබෑව නොදන්නා ලෙස දැක්වීමය. 

ෆොයර්බාක්ට සත්‍ය වශයෙන් සංකල්පිත වස්තූන්ගෙන් වෙනස් වන ඉන්ද්‍රීය ගෝචර වස්තූන් අවශ්‍ය වන මුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම් මිනිස් කි‍්‍රයාකාරීත්වයම යනු වාස්තවික කි‍්‍රයාකාරිත්වය බවයි. 


ෆොයර්බාක්ට අවශ්‍ය වන්නේ මෙම ද්විකරණය තුල විඥානයේ පැත්ත (සංකල්පිත වස්තු)නොව ද්‍රව්‍යයේ පැත්ත ගැනීමටය. (ඉන්්ද්‍රීය ගෝචර වස්තු)මෙය මෙම ලෝකය සංකල්ප හා ඉන්ද්‍රීය ගොචර වස්තු ලෙස ද්විකරණය කර ඉන්ද්‍රීය ගෝචරත්වය පැත්ත උත්කර්ශයට නැගීමය. මේ අනුව ෆොයර්බාක් තේරුම් නොගන්නේ ඉන්ද්‍රීය ගෝචර වස්තු යනු මිනිසාගේ සංකල්පකරණයක් බවය. එනම් ලෝකය පවතින්නේ ද්විකරනය කල ලෝකය තුල නොව සැබෑ මිනිස් කි‍්‍රයාකාරීත්වය තුල යන්නය. 


ඒම නිසා කි‍්‍රස්තියානියේ සාරය තුල න්‍යායික ආකාරය නියම වශයෙන් එකම මිනිස් ආකාරය හැටියට පමනක් සලකන්නේ ව්‍යවහාරය සංකල්ප ගත වී ඇත්තේ සහ ස්ථාපිත වී ඇත්තේ එහි අපිරිසිදු යුදෙව් විද්‍යාමානවීම් තුලය යන්න සලකන අතරතුරය. එම නිසා ඔහු ග‍්‍රහනය කර නොගන්නේ ව්‍යවහාරික විවේචනාත්මක කි‍්‍රයාකාරීත්වයෙහි විප්ලවකාරී අර්තාන්විත භාවයයි.

ෆොර්බාක්ගේ කි‍්‍රස්තියානියේ සාරය කෘතිය තුල න්‍යායික ආකාරය සංකල්පගත කල මිනිස් ආකාරය ව්‍යවහාරය තුල එනම් සැබෑ ජීවිතය තුල උල්ලංඝනය වීම තුල නිරූපණය වන මනුෂ්‍ය ආකාරය අපිරිසුදු යුදෙව් අදහස්ය. යන්න මෙහි සඳහන්ය. තවදුරටත් මෙය පැහැදිලි කල හොත් ආගම විසින් අර්තකථනය කල ලෝකය හා මිනිසා පිලිබඳ අදහස සැබෑ ජීවිතයේ මිනිසුන්ගේ කි‍්‍රයාකාරීත්වය එනම් ව්‍යවහාරය හරහා උල්ලංඝනය වන බවයි. එම නිසා ෆොයර්බාක්ට සැබෑ ලෝකයේ ක‍්‍රියාකාරිත්වය තුල ඇති විප්ලවකාරී අර්තය එම නිසා නොවැටහේ.


අප උත්සාහ කලේ ෆොයර්බාක් පලමු තිසීස තුල සඳහන් අදහස සරලව තේරුම් ගැනීමටය. පැරනි භෞතිකවාදය සැබෑ ජීවන කි‍්‍රයාකාරිත්වය වෙනුවට සංකල්ප ගත කල ජීවිතයක් යෝජනා කරන අතර නමුත් සැබෑ ජීවිතය (ව්‍යවහාරය තුල)මෙම සංකල්පකරණයන්ට පටහැනිව කි‍්‍රයාත්මකවේ. කි‍්‍රස්තියානිය ඇසුරේ යලි පැවසිය. හැක්කේ බයිබලයේ සඳහන් මනුෂ්‍ය ජිවිතය (සංකල්පිත ජීවිතය) සෑබෑ ජිවිතයේදී උල්ලංඝනය වන බවයි. කි‍්‍රස්තියානිය එයට විසඳුම් දි ඇත්තේ පව් සමාකිරිම හරහාය. සහජඥානය විඥානය ලෙස හා වස්තුව භාහිර ලෝකය ලෙස බෙදා විඥානවාදය විඥානය උත්කර්ශයට නගන අතර ද්‍රව්‍යවාදය වස්තූන් (ද්‍රව්‍ය) උත්කර්ශයට නගයි. මාක්ස්මය භෞතිකවාදයට අනුව මෙම ද්‍රව්‍යවාදයද විඥානවාදයකි. මේ දෙකටම පටහැනි ලෙස මාක්ස් පලමු ෆොයර්බාක් තිසීස තුල මෙම ද්විකරණය වෙනුවට දයලෙක්තිකය යෝජනා කරයි. එනම් ආත්මකරණය වූ එනම් විඥානකරණය වූ වස්තුමය ලෝකය යන්නය.

2 comments:

  1. වැඩේ හොදයි. ගොඩක් පැහැදිලියි.අවශ්‍ය ඒවට ඉංග්‍රීසි වචන වරහන් ඇතුලෙ දැම්මොත් හොදයි. ඔබට ජය

    ReplyDelete
  2. "ද්‍රව්‍යවාදයද විඥානවාදයකි" / " ඉන්ද්‍රීය ගෝචර වස්තු යනු මිනිසාගේ සංකල්පකරණයක් " කියන එක පැහැදිලි කරන්න.

    ReplyDelete