Friday, May 29, 2015

ද්විකරණය වූ ලෝකය අත්හැර දැමීම දේශපාලනය වීම.

අප ජීවත් වන්නේ ද්විකරණය වූ ලෝකයකය. එනම් දෙකට කඩන ලද, යුගල කරන ලද එසේම එම ද්විකරණයේ එක් පාර්ශවයක් අප නියෝජනය කරමු. මෙය අපි - ඔවුන් , හොඳ -නරක ,කැත-ලස්සන,විද්‍යාව-මිත්‍යාව,සත්‍ය -අසත්‍යය,ස්තී‍්‍ර -පුරුෂ.............. ආදී ලෙසත් අපි ලෝකය හා සම්භන්ද කරන භාෂාවේ පදනමක් වන්නේ එයයි. සෑම වචනයකටම විරුද්ධාර්තයක් ඇති අතර නලින් ද සිල්වා ට අනුව ද්විකෝට්කය ලෙස මෙය හඳුන්වයි. මෙම ද්විකරණයේ එක් පාර්ශවයක් උත්කර්ශයට නගමින් එම පැත්ත ගැනීම මතින් අනෙක් පාර්ශවය යටපත් කිරීම තුල මෙම ආධිපත්‍යධාරී සමාජය සංවිධානය වීඇත.
මේ ද්විකරනය ධනවාදී සමාජය සංවිධානය වි ඇති මූල ධාර්මික පදනමක් ලෙස සලකන විට වාමාෂික දේශපාලනය තුල මෙය අන්ථර්ගත වී ඇත්තේ කෙසේද? ධනවාදය- වාමාශය,ස්ත‍්‍රී පීඩනය-ස්තී‍්‍රවාදය,පරිසර විනාශය-පරිසරවාදය,ෆැසිස්ට්වාදය-ප‍්‍රජාතන්ත‍්‍රවාදය,පුද්ගලිකත්වය-සාමූහිකත්වය,විඥානවාදය-භෞතිකවාදය, ආදී ලෙසය.
මෙහිදී වාමාෂික යන්නෙහි අර්තය අපට හමුවන්නේ ධනවාදයට ප‍්‍රථිවිරුද්ධ එය හා සටන් වදින ධනවාදය තුලින්ම අර්ත නිරූපනය වන අදහසක් ලෙස මිස ධනවාදයට විකල්ප අදහසක් ලෙස නොවේ. ධනවාදයට විරුද්ධ වීම ද අවසාන අර්තයේදී ස්ථාපිත වන්නේ ධනවාදය තුලමය. ඒ අනුව වාමාශයේ පැවැත්මට ධනවාදය අවශ්‍යය. නමුත් අපට අවශ්‍ය වන්නේ මේ ද්විකරණයට ඔබ්බෙන් වාමාශය යන්න සංකල්ප ගත කරගැනීමට හා ඒ තුල කි‍්‍රයාත්මක විමටය. අනෙක් අතට මෙම ධනවාදය හා වාමාශය අතර ද්විකරණය කි‍්‍රයාත්මක තලයේ දී දක්වන්නේ විරුද්ධාභාශයකි. ධනවාදයට විරුද්ධ වන බොහෝ දෙනා එය විෂම.කුරිරු,වේදනාකාරී සමාජ ක‍්‍රමයක් බව පවසන මුත් ධනවාදය විරුද්ධව කෑමොර දෙන වාමාෂිකයහින්ද ඇතුළුව මිනිසුන් ආශක්ත වන්නේ මෙම කුරිරු වේදනාබර ධනවාදය වෙතටමය.
ස්තී‍්‍ර පුරුෂ භාවය සැලකුවද ස්තී‍්‍රය හෝ පුරුෂයා සංකල්ප ගත කිරිමට මෙම සංකල්ප දෙකම අන්‍යෙන්‍ය ලෙස අවශ්‍යවේ. ස්ති‍්‍රයගෙන් තොරව පුරුෂයාද පුරුෂයාගෙන් තොරව ස්තී‍්‍රයද සංකල්ප ගත කර නොහැක. ජීව විiාත්මක විග‍්‍රහයන් හා කතිකාමය විග‍්‍රහයන් පදනම් වන්නේ මෙම ද්විකරණය තුලය. සමාජයේ ගස් නගින,බස් වල පාපුවරු වල ගමන් කරන ස්තී‍්‍රන්, ශරීර අභ්‍යන්තරයේ ස්තී‍්‍ර අවයවද භාහිර පුරුෂ අවයවද /භාහිරව ස්තී‍්‍ර අවයවද අභ්‍යන්තරිකව පුරුෂ අවයවද පිහිටි දිවි ලිංගිකයන් ආදි ලෙස අපට විරුද්ධාභාශයන් හමුවෙමින් මෙම ද්විකරණය අභියෝගයට ලක් කරයි.
විද්‍යාව මිත්‍යාව යන ද්විකරණය තුල මිත්‍යාව පැත්තෙන් ලංකාවේ ජනප‍්‍රිය උදාහරනයක් වන්නේ මහාචාර්ය නලින් ද සිල්වාය. බොහෝ විට ලංකාවේ විද්‍යාඥයින් බහුල නොවුනද වෛද්‍යවරු. ගුරුවරු විද්‍යාවේ පැත්ත ගනී . නලින් ද සිල්වාට රජ රට වකුගඩු රෝගයට අදාල පස් වල ඇති අසනික් සම්බන්දය පත්තිනි දෙවියන්ගෙන් ලැබුනක් වන අතර විද්‍යාඥයින්ට හා වෛද්‍යවරුන්ට අනුව විද්‍යාගාර තුල විද්‍යාත්මක පරික්‍ෂණ ඇසුරේ ලබා ගත් ඒවාය. කණ්ඩායම් දෙකටම එකම පිළිතුර ලැබිම නිසා පාර්ශවයන් දෙකම අභියෝගයට ලක් වූ අතර බෝහෝ අය මෙය (නලින් ද සිල්වා නොවේ) මිත්‍යාව විද්‍යාත්මකව ඔප්පු වීමක් ලෙස දැක්වීය. බෝහෝ දෙනා මේ අනුව හේතුවාදීන්ද ඇතුළුව මිත්‍යාව විද්‍යාත්මක කරමින් තවදුරටත් මිත්‍යාව තුලින්ම විද්‍යාව අර්ත නිරූපනය කරමින් සිටී. විද්‍යාවට හැම විටම තමාව අර්ත නිරුපනය කර ගැනිමට මිත්‍යාවක් අවශ්‍ය වන අතර මිත්‍යාව පවතින්නේ ද විද්‍යාවේ. පිහිටිනි. කාගේවත් අවධානය යොමු නොවුනු කරුනක් වන්නේ වසර දහස් ගණනක් පැවති විද්‍යාව හා මිත්‍යාව අතර අරගලය අවසන් නොවූනේ ඇයිද? යන්නයි. අපට අනුව ඒ ද්විකරණයක් තුල මෙය පවතින නිසයි. මෙහි අනෙක් විරුද්ධාභාශය වන්නේ බොහෝ වෛද්‍යවරු ,විද්‍යාඥයින් තම නව මෝටර් රථ වල මංගල ගමන් දෙහි,අවුමිරිස් එල්ලමින් කතරගම වන්දනාවේ යන්නේ ඇයිද යන්නයි.
හොඳ නරක ද්විකරනය අපට හමු වන්නේ බොහෝ දුරට ආගම් ආශි‍්‍රතවය. බෞද්ධයෙකුට තමාව සංකල්පගත කර ගැනීමට හැම විටම අනෙක් ආගමිකයෙකු අවශ්‍ය එනම් හොඳ සංකල්ප ගත කර ගැනිමට නරකක් අවශ්‍යය. බෞද්ධයින් හා හින්දූන් බොහෝ විට ගව ඝාතනය නරකක් ලෙස සලකන අතර ඉස්ලාම් භක්තිකයන් එය හොඳ නැත්නම් ආගමික කර්තව්‍යක් ලෙස සලකයි. එක් ආගමකට අනුව බහු භාර්යා වෘතය නරකක් වන අතර තවත් ආගමකට අනුව එය හොඳකි එනම් ආගමිකය. හැම විටම පවතින්නේ මේ ද්විකරණයක් තුලය. මෙම ද්ව්කරනය නිසාම ආගමික සහජීවනය ආදී ඉල්ලීම් කවරදාකවත් ඉටු විය. හැකි දේවල් නොවේ. උදාහරනයක් වශයෙන් රටක තම ආගමික අනන්‍යතාවය ආරක්‍ෂාකර ගනිමින් සහජීවනයෙන් ජීවත් වන ලෙස කරන ඉල්ලීම ව්‍යාජයන්වේ. ඉස්ලාම් භක්තිකයාට හැම විටම තම ආගමික අනන්‍යතාවය ආරක්‍ෂා කතර ගැනීමට බෞද්ධ හා හින්දු ආගමික විශ්වාසයන් උල්ලංඝනය කිරිමට සිදුවේ.
ද්විකරණය සම්භන්ද තවත් කොතරම් උදාහරන දැක්වුවද? එහි ආකෘතිය එකකි. මෙම ද්විකරණය තුල හැම විටම එක් පාර්ශවයක් යම් ආධිපත්‍යක් මගින් අධිනිශ්චය කෙරෙන අතර දැනුම තුලින් බලය තුලින් නීතිරීති මගින් එනම් දෘශ්ඨිවාදයක් මගින් එය සිදුවේ .
වාමාෂික දේශපාලන ගැටළු වලට විසඳුම් සේවීමේදී බොහෝ දෙනා පිළිතුරු බලාපොරොත්තු වන්නේ මෙම ද්විකරණය තුලමය. එම නිසා බොහෝ අය අපෙන් මෙසේ අසයි. ”සහෝදරවරු කියන්න මොකද්ද අපේ දේශපාලන කි‍්‍රයා මාර්ග විය. යුත්තේ ” අපි දෙන පිළිතුරු ඔවුන් පිළිගැනීමට ඔවුන් සූදානම් නැත්තේ අපගේ පිලිතුර ඔවුන්ගේ මෙම ද්විකරණයවූ චින්තනයට නොගැලපෙන නිසයි. ඔවුන් නොදන්නේ ධනවාදයට එරෙහි වීම මෙම ද්විකරණය වූ ලෝකයෙන්ම පිළිතුරු සෙවීම ධනවාදයම වන බවයි. මෙතෙක් වමේ කියා ගන්නා දේශපාලනය සිදු කලේ මෙම කි‍්‍රයාවලියයි. පෙරටුගාමි සමාජවාදි පක්‍ෂයේ දේශපාලන සංවාදය තුල අප යෝජනා කල ලෝකය ද්විකරණය කිරිම නැමති ආධිපත්‍යධාරී සුසමාදර්ශය වෙනුවට සාමූහිකව කෙරෙන සුසමාදර්ශී වෙනස ඔවුන් එය මෙම ද්විකරණය වූ ලෝක දැක්ම තුල වටහා ගනිමින් අප මනෝරාජිකවාදීන් /ප‍්‍රායෝගික නොවනවා ආදී ලෙස අප වෙත විවේචනය ගෙන ආවේය.
අවසානයේ කිව යුතුම කාරණයක් වන්නේ බොහේ වාමාෂිකයින් දයලෙක්තිකය ලෙස වටහා ගත්තේ මෙම ද්විකරණය යන්නයි.
එම නිසා ඔවුහු මූලධර්මවාදය එරෙහිව බහුත්වවාදයේ පැත්ත ගත් අතර බහුත්වවාදයට එරෙහිව මූලධර්මවාදය පැත්ත ගත්තේය. ඒක භාර්යා වෘතය(ලිංගික වාරණය)වෙනුවට බහු භාර්යා වෘතය පැත්තද (ලිංගික නිදහස) ලිංගික නිදහස වෙනුවට ලිංගික වාරණයේ පැත්ත ගත්තේය. (1968 ශිෂ්‍ය අරගල වලට සහය වූ ප‍්‍රංශ වාමාෂිකයින් මෙන් )
ගවේශක කොලොම්බස් වරායකින් තම නැව නිදහස් කරද්දී ඔහු දන්නේ ඔහු ඉන්දියාව සොයා ගාත‍්‍රා කරන බව පමනි. යන්නේ කොහෙන්ද? මාර්ග සිතියම කුමක්ද? යන්න තීරණය වන්නේ ගමන තුල දයලෙක්තිකවය.
අප දේශපාලනය අරඹද්දී දන්නේ අප කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කටයුතු කරනවා යන්න පමනි. අප නව සමූහික සුසමාදර්ශයක් ව්‍යාවහාරිකත්වය තුල ගොඩනැගිය යුතුය. පස් අවුරුදු සැලසුම්. කි‍්‍රයාකාරි දේශපාලන වැඩපිළිවෙල වල් අතීතයට අයිති දේය. ඒ අනුව කෙනෙකුට අප වාමාෂිකයින් නොව කොලොම්බස්වාදීන්ද විය. හැක.

1 comment:

  1. ද්වීකරනය වූ ලොකයේ , ද්වීකරනය නොවූ මොනයම්හෝ දෙශපාලනයක් කරන්න පුලුවන්ද ? මෙහි ප්‍රායොගිකත්වය ගැන මොනයම් හෝ අදහසක් තියනවද ?

    ReplyDelete