Monday, June 22, 2015

ෆොයර්බාක් පලමු තිසීස කොමියුනිස්ට්වාදී දේශපාලනයට කවුළුවක් ලෙස( 2 කොටස)

වාස්තවික සත්‍ය මිනිස් චින්තනයෙන් අවබෝධ කර ගත හැකිද යන ප‍්‍රශ්නය න්‍යායික ප‍්‍රශ්නයක් නොවන මුත් එය ව්‍යවහාරික ප‍්‍රශ්නයකි. මිනිසා විසින් සත්‍ය තහවුරු කල යුතුම වන්නේ ඔහුගේ ව්‍යවහාරය තුලය. එනම් යතාර්තය හා බලය වන්නේ ඔහුගේ චින්තනයේ ලෞකිකත්වයයි. චින්තනයේ යථාර්තය හෝ නොයතාර්තය පිළිබඳ විවාදය ව්‍යවහාරයෙන් වෙන් කරන ලද විම හුදෙක් විද්‍යාවන් පිලිබඳ ප‍්‍රශ්නයකි. මාක්ස්ට අනුව වාස්තවික සත්‍ය මිනිස් චින්තනයට අවබෝධකර ගත නොහැකිය. එම නිසා විස්තවික සත්‍ය මිනිස් චින්තනයෙන් අවබෝධ කර ගත හැකිද යන ප‍්‍රශ්නය න්‍යායික ප‍්‍රශ්නයක් නොවේ. එනම් වාස්තවික සත්‍ය දැනුමට, සංකල්පයකට,න්‍යායකට,සූත‍්‍රයකට,රූපකයකට,නියාමයකට ලඝු කල නොහැකිය. එය මිනිස් කි‍්‍රයාකාරීත්වය සම්භන්ද ප‍්‍රශ්නයකි. මිනිස් කි‍්‍රයාකාරීත්වය හැම විටම චින්තනයට,දැනුමට, සංකල්පයකට,න්‍යායකට,සූත‍්‍රයකට,රූපකයකට,නියාමයකට පරස්පරව කි‍්‍රයාත්මක වේ. එනම් මිනිස් කි‍්‍රයාකාරිත්වය හා චින්තනය අතර පරතරයක් ඇත. එම නිසා වාස්තවික සත්‍ය ලෙස මිනිසා සමපේක්‍ෂණය කරන චින්තනය, ඒ හරහා ගොඩනැගෙන සංකල්ප එම සංකල්ප වල ආකෘතියවන භාෂාව තුල නියෝජනය නොවේ. වෙනත් ආකාරයකින් කිව හොත් මිනිසාට සත්‍ය තහවුරු කල හැක්කේ ඔහු කතා කරන භාෂාව,චින්තනය තුල නොව කි‍්‍රයාව තුලයි. කි‍්‍රියාව හැම විටම භාෂාවට චින්තනයට පරස්පරව කි‍්‍රයාත්මකවේ. භාෂාවේ චින්තනයේ ආකෘතියට කි‍්‍රයාත්මක වීමට මිනිසා උත්සාහ දරද්දී භාෂාවේ හා චින්තනයේ ආකෘතිය බිඳ වැටේ. එම නිසා මිනිසාට තව තවත් භාෂාවේ වර්ධනයන් හා චින්තනයේ අකෘතීන් දර්ශනවාදයන් අවශ්‍යය. අනූව දශකයේ දේශපාලන සංවාදයන් තුල විශේෂයෙන් දීප්ති කුමාර ගුණරත්න කල මැදිහත්වීම ඒම ආකාරයෙන් විපුලතරය. බොහෝ සිවිල් බුද්ධිමතුන් හා දේශපාලකයින් කතා කරන භාෂාව පුවත් පත් වලට ලියන ලිපි වලට පරස්පරව කි‍්‍රයත්මක වන ඔවුන්ගේ සැබෑ ජීවිතය ඔවුන් පිළිබඳ සත්‍ය නිරූපනය බව ඔහු විසින් ප‍්‍රකාශ කරන ලදී. ඒ අනුව එනම් සත්‍ය එනම් යතාර්තය හා බලය වන්නේ ඔහුගේ කි‍්‍රයාකාරීත්වයේ චින්තනයයි. එනම් ලෞකිකත්වයයි,ව්‍යවහාරයයි. පුද්ගලයාගේ බලය සමාජ ගත වන්නේ එනම් සමාජයට බලපවත්වන්නේ කි‍්‍රයාව තුලයි. වාමාෂික භාෂාවෙන් කිව හොත් ධනවාදයට අප විරුද්ධ වන්නේ භාෂා ලෝකය තුල ගොඩනගා ගන්නා සංකල්පකරණයන් හරහාය. එය සැබෑ ජීවිතයට පරතරයක් පවතිනා බැවින් හැම විටම අපේ බලය ධනවාදයේ පැවැත්මට සහයෝගීව සම්භන්දවේ. චින්තනය යතාර්තය හා නොයතාර්තය ලෙස විවාද කිරීම එනම් සත්‍ය අසත්‍ය ලෙස ද්විකරනයේ ආකෘතියක් තුල වටහා ගැනීම එමෙන්ම එහි එක පැත්තක් යතාර්තය /සත්‍ය ලෙස උත්කර්ශයට නැගීම වැරදිය. මිනිස් කි‍්‍රයාව යථාර්තය,සත්‍ය වන අතර එය භාෂාවට සංකල්පයට නියාමයකට සූත‍්‍රයකට ලඝු කිරීම විද්‍යාවන් පිලිබඳ ප‍්‍රශ්නයකි. විද්‍යාව යනු ලියෝන් ට්‍රොට්ස්කිට අනුව ලෝකය නියාම පද්ධතියක් ලෙස ඥානනය කිරිමයි. ලෝකය නියාමයන් තුලට ලඝුකිරිමයි. වෙනත් ලෙසකින් කිව හෝත් සූත‍්‍ර ගත කිරීමයි. ඒ අනුව නැවත කියන්නේ නම් වාස්තවික සත්‍ය මිනිස් චින්තනයට අවබෝධකර ගත නොහැකිය. එම නිසා වාස්තවික සත්‍ය යනු චින්තනයට පරිබාහිරව කි‍්‍රයාත්මක වන සැබෑ ජිවිතයයි. ලෞකිකත්වයි. වයවහාරිකත්වයයි. පුනරුච්ඡාරණයන් සම්භන්දව වන පැමිනිලි සම්බන්දව යමක් කිවහොත් විජේවීරයානු අර්තයේ එය ධනාත්මකය. ඒම නිසා අපද පුනරුච්ඡාරනයේ දොසක් නොදකිමු.

No comments:

Post a Comment