Add caption |
නවසමසමාජය ආදි ඇතැම් වාමාෂිකයින් නිම නොවුනු ධනේශ්වර කර්තව්‍යයන් ඉටු කිරිමට ශක්තිමත් ධනේශ්වරආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් කැපවේ. ඔවුන් රනිලි විික‍්‍රමසිංහට සහයෝගය දෙන්නේ එම නිසාය. ජවිපෙ වැනි පක්‍ෂයක් මීට සමගාමී චින්තනයක් අනුව කටයුතු කරමින් තමාට වැඩි දේශපාලන වාසියක් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් තුල ලබා ගතහැකියැයි උපකල්පණය මත කටයුතුකරයි.
ඇතැම් වාමාෂිකයින් ධනවාදයේ නිම නොවුනු කර්තව්‍යයන් මේ මොහොතේ ධනවාදයට ඉටු කල නොහැකි යන අදහසේ පිහිටා සමාජවාදි විප්ලවයක් තුල එම නිමනොවූ ධනේශ්වර කර්තව්‍යයන් ඉටු කල යුතු බව පවසයි.
අපි පසුගාමීත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බැලිය යුතුය. ඒ මන්ද යත් පසුගාමීත්වය යන මේ වචනයට මුවා වී දැන් බොහෝ වාමිෂිකයින් තමාගේ ලිබරල් දේශපාලනය හා ලිබරල් ජිවිත සාධාරනීකරණය කිරිමට උත්සාහ ගන්නා බැවිනි.
ඒ සඳහා මාක්ස් ආසියාව එනම් ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂයෙන් දැක්වූ අදහසක් විමසා බලමු. මාක්ස් එක්විටක යටත් විජිතවාදීන් ඉන්දියාව යටත් කරගැනීම අතිශය ප‍්‍රගතිශීලී කටයුත්තක් ලෙස සැලකීය ඔහු පැවසුවේ ඉන්දියාවේ ඇති පසුගාමීත්වය විප්ලවයට බාදා කරන බවත් යටත් විජිතවාදය හරහා ඉන්දියාව තුල සිදුවන ධනේශ්වර ප‍්‍රතිසංස්කරණ තුල ශක්තිමත් කම්කරු පන්තියක් ඇතිවී ඔවුන් විසින් විප්ලවය සම්පූර්ණ කරනු ඇති බවයි. මාක්ස් ඉන්දියාව සම්බන්ධයෙන් දැක්වූ තවත් අදහසක ඉන්දියාව තුල ඇති සාමූහික ජිවන පැවත්මවල් හා සාමූහික ඉඩම් අයිතීන් කොම්යුනිස්ට් සමාජයක පෙරනිමිති ලෙස විග‍්‍රහ කලේය. යටත් විජිතවාදය හරහා මේවා විනාශවි යන බවද දැක්වීය.
මෙහි මුල් දැක්වූ අදහස එනම් ඉන්දියාවේ පසුගාමීත්වය වෙනස් කිරිමට යටත් විජිතවාදය හරහා පැමිනෙන සභ්‍යත්වය ඉවහල් කරගැනීම ට කටයුතු කිරීම මාක්ස්ගේ ලිබරල් දෘෂ්ඨියේ පිලිබිඹුවකි. මේතාක් වාමාෂිකයින් කටයුතු කලේ මෙම ස්ථාවරයේ සිටය. සමාජ විප්ලවය කොටස් දෙකකට බෙදා එකකදී ධනේශ්වර ප‍්‍රථිසංස්කරණ කිරීමටත් අනෙක තුලදී සමාජවාදි ප‍්‍රථිසංස්කරණ කිරීමට කටයුතු කිරිමත් එහි සරල අදහස විය.
බොහෝ වාමාෂික පක්‍ෂ වල ප‍්‍රකාශිත හා අප‍්‍රකාශිත අරමුණ එයයි. අප විමසා බැලිය යුත්තේ ඉන්දියාවේ පසුගාමීත්වය අර්තවත් කිරිමට බටහිර ඉදිරිගාමි සභ්‍යත්වය (ධනවාදය) අවශ්‍ය වන්නේ ඇයිදැයි කියාය. මෙසේ ඉදිරිගාමිත්වයක් සංකල්පගත නොකර පසුගාමීත්වයක් අර්තවත් කල නොහැකි බව ඔබට වැටහිය යුතුය. එම නිසා මෙහි සිදුවන්නේ ලෝකය පසුගාමි ඉදිරිගාමී ලෙස ද්විකරණය කර පැත්තක් උත්කරශනය කිරීමයි.
ලංකාවේ වාමාෂිකයින් මෙම පසුගාමිත්වය ආසියාතික අගතීන් ලෙස සංකල්ප ගත කරමින් ඉදිරිගාමිත්වය උත්කරශයට නගන අතර නලීනියානු ජාතිවාදින් ඉදිරිගාමීත්වය ග‍්‍රීක යුදෙව් කි‍්‍රස්තියානි/බටහිර චින්තනය ලෙස සලකමින් පසුගාමිත්වය උත්කර්ශනයට නගමින් සිටී. අපට අනුව කිසිවෙකු මෙම ද්විකරණය තුල පැත්තක් ගනීද අපට හමුවන්නේ සංකල්පීය ක්‍ෂිතිජයක් පමනි.
වාමාෂිකයින් පසුගාමීත්වයට එරෙහිව ඉදිරිගාමීත්වය වෙනුවෙන් කරන අරගලය එනම් පසුගාමි මිථ්‍යා විශ්වාස වෙනුවට ඉදිරිගාමී විද්‍යාත්මක චින්තනය ගොඩනැගීම ,පසුගාමී අතීතකාමය වෙනුවට ඉදිරිගාමී අනාගතවාදයක් ගොඩ නැගීම, පසුගාමී කලාත්මක/ සංස්කෘතික ක්‍ෂත‍්‍රයන් තුල ඉදිරිගාමී ප‍්‍රථිසංස්කරණයන් කිරීම මේ සියල්ල අපට හැදින්විය. හැක්කේ සංඥා ලෝකයේ දේශපාලනයක් ලෙසය. නැති නම් පාරභෞතිකයන් ලෙසය.
වාමාෂිකයින් හා ලිබරල්වාදීන් ඉදිරිගාමීත්වය වෙනුවෙන් අනාගතයට හැරෙන අතර ජාතීවාදීන් පසුගාමීත්වය වෙනුවෙන් අතීිතයට ගමන් කරයි. ලියෝන් ට්‍රොට්ස්කි ඇමරිකාවේ නිව්යෝක් නගරය දැක මහත් ආශ්වාදයට පත්වූ ලෙස හා ඩෙං ෂියා ඕ පින් සිංගප්පූරු ආර්ථිික මොඩලයට ආකර්ශනය වූයේය මේ දෙදෙනාම රුසියානු හා චීන සමාජයන් පසුගාමී යන පදනමේ සිට කි‍්‍රයාකර වාමාෂිකයින් නිසාය. අවසන් අර්තයෙන් මේ දෙදෙනාටම අවශ්‍ය වූයේ රුසියාවේ හා චීනයේ පසුගාමිත්වය ධනවාදයේ ඉදිරිගාමිත්වය තුලින් මකා දැමීමටය. අවසානයේ මොවුන් දෙදෙනාටම හමුවූයේ සමාජවාදය හෝ කොමියුනිස්ට්වාද වෙනුවට ධනවාදයේම ආකෘතියක්ය.
අප මුලින් සටහනක දැක්වූ ලෙස අද ලංකවේ වාමාෂිකයින් යැයි සලකන සියළු දෙනා පෙනී සිටින්නේ සමාජවාදය ලෙස සංකල්පකරණය කරමින් ලිබරල්වාදය වෙනුවෙන්ය. කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කෙරෙන අරගලය මොවුන් අනන්තයට කල්දමා ඇත. සමාජය පසුගාමී යැයි මොර දෙමින් ලිබරල් ධනේශවර පරමාදර්ශ තම ජීවන ආදර්ශ කරගෙන ඇත. අපට අනුව කිසිවෙකු ඉදිරිගාමීත්වය වෙනුවෙන් අරගල කරයිද ඔහු අරගල කරන්නේ ධනවාදය ප‍්‍රවර්ධනය වෙනුවෙන්ය.
මේ මොහොතේ ධනවාදයට එරෙහිව(ආධිපත්‍යක් සහිත ඕනෑම සමාජයකට)එරෙහි අරගලය තුල දයලෙක්තිකව කල යුතු සැබෑ දේශපාලන අරගලය පුර්වයෙන් උපකල්පණය කරගන්නා සංකල්පකරණයකට යට කොට කටුයතු කිරීම බොහෝ වාමාෂිකයින්ට සහනයක් වි ඇති බව පැහැදිලිය. ඒ ඇයි ද යන්න ධනවාදයට එරෙහි වීම නැමති සැබෑව මගහැර යාමට හා ධනවාදය තුලම මිඩංගුවීමට සමාජය පසුගාමී හා සමාජයට ඉදිරිගාමීත්වයක් අවශ්‍ය යන ප‍්‍රවාදය ඔවුන්ට අවශ්‍යවන බැවිනි.
මාක්ස්ගේ සාහිත්‍ය තුල මේ සම්භන්දයෙන් ඇති විරුද්ධාභාශය යටත්විජිතවාදය සම්භන්දයෙන් අදහස් වල අප දැක්වූ අතර ධනවාදයට ප‍්‍රගතිශීලි කර්තව්‍යයන් ඉටු කල හැකිය යන ප‍්‍රවාදය ලිබරල් මානවවාදී මාක්ස් තුල ඇති අදහසකි. බොහෝ වාමාෂිකයින්ට මෙය උපයෝගී කර ගෙන මාක්ස් යනු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය පාරභෙෘතිකයක් ලෙස සලකා කටයුතු කල හැකි වූවද ව්‍යවහාරික අත්දැකීම් තුල අපට තේරුම් යන්නේ මෙම අදහස් සංකල්ප කරණයක් පමනක් හා දයලෙක්තික විරෝධී අදහසක් බවය.
මේ මොහොතේ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් වූ අරගලයට ඇති ගැටළු අපෙන් පරිබාහිරව ඇති පසුගාමිත්වය නොව එසේ පසුගාමී සමාජයක් ඇතැයි ප‍්‍රක්ෂේපණය කරන අපේ අභ්‍යන්තරික ගැටලූවක් බව බටහා ගැනිම විප්ලවවාදී වනු ඇත.